Showing posts with label සංකල්පනා. Show all posts
Showing posts with label සංකල්පනා. Show all posts

Tuesday, May 22, 2012

__ආදරය සොයා__

දියත් කර අප දිවිය ගැඹුරු වූ මහ සයුරට,
අවසරයි පැදයන්නට ජීවිත යාත්‍රාව
සැඩ සුළං, දළ රළ පැමිණේවි
නොසැලී, දිරි ගනින් නුඹේ සිතට,
ලැබ පන්නරය, පදින්න දියඹටම.....

‍රැදුරු තල්මස්,මෝරු මැද
හමුවේවි,
පුංචිම පුංචි මුතු ඇටයක්,
නුඹේ මුළු දිවියම එකළු කරන,
නැවතියන් නුඹ එතන,
උණුහුමට ආදරෙන්,
ලැබගන්න මුලු දිවිය
නුඹ දෝතට.......

එතෙක්, ඉවසපන්,
තනිව මහ මුහුද මැද,
ලැබෙන තෙක් දෝතට
ඒ  පුංචි මුතු ඇටය............

Monday, May 21, 2012

__අනුන්__

අනුන්...
කවුද උන් ??
නැහැ,
එහෙම කෙනෙක් නෑ....
උඹ ‍රැවටිලා....
මෙහෙ ඉන්නේ,
තමන් විතරයි....

නෑ නෑ...
වෙන්න බැහැ....
එතකොට අනුන් වෙනුවෙන්
මේ  වැටෙන කඳූලු, කකියන හිත,
උඹ කියන්නෙ ඒවා බොරු කියලද ??
නැති වෙන්න බෑ,
ඉන්නම ඕනේ....

හා!!හා!! හා!! (සිනාසෙමින්)
උඹට විතරයි එහෙම වෙන්නෙ,
අපිට එහෙම ලෙඩක් නෑ....

තිත්ත වෙන්න පුළුවන්,
ඒත් ඇත්ත ඒක තමා,
කිව්වම තේරුම් ගනින්..

මම....එච්චරයි...
එතනින් එහාට වෙන මුකුත් නෑ.......
උඹට, උඹ විතරක් වෙලත්,
මේ ටික නොතේරෙන හැටි......

Tuesday, May 17, 2011

අවසන් පැතුම....

හිඳිමි මම මඟ බලා,
දකින තුරු වියපත් මා,
හැ‍ඟෙන තුරු සිටින බව
තවම මම මෙතැන,
තනිව, නිසොල්මන්ව,
අවුත් එකෙක්,
හෙලා මා පහතට,
‍රැගෙන යන තෙක්,
මන්ද, අවැසි නිසා ඔහුට
මා දිවිය මටත් වඩා,
දැන දැනත් මා,
සිරකරගනිමි මා ගෙල,
විඳින්නට, මැරෙන්නට මොහොතකට පෙර හෝ,
මා නිසා තවකෙකු හෙලන
සැනසුම් සුසුම්,
තු‍ටු කඳුලු........
ඉතින්, තවම හිඳිමි මම,
වෙනුවෙන් ඒ සොඳුරු අවසන් පැතුම   ........