Thursday, January 27, 2011

බකට් එක- (පසුවදන)

දිනය ඉල් මස දහවනදා
වැහිබර අහස, සීතල සුලඟ
සැදෑ කලුවර
එක්ව මුමුණන කතාව
සැබවින්ම සුන්දරය.......

මිතුදමේ නාමයෙන්
නිදහසේ දියවරට
සහෝදරත්වයේ සිසිලස එක්ව
මැවූ අරුමය
සිතා ගත නොහේ තවම මට........

තෙමී ගිය ගත
ඇඟටම ඇලුනු ඇඳුම්
අවදි කල දිරිය
සොම්නස
පවතීවි දිවි ඇති තුරාවට.........

තෙමී ගියත් ගත සීරුවට,
නොහැකිය දියකර හරින්නට
නුඹ හා අපි එකට බැඳුනු ඒ මිතුදම...............

No comments:

Post a Comment