සිංහලෙන් ලියන්න, ටිකක් අමරු උනත් තවම, මන් හිතුවා මුලුමනින්ම සිංහලෙන් ලියන්න ඕනේ කියල... මන් ගැන කියනවනම්, මම අනුත්තරා. තාම නම් ඉගෙනගන්නවා, මොරටුව විශ්වවිද්‍යාලයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ පලමු වසර. මේ මැයි මාසෙ මගේ යතුරු උපන්දිනේ, කොටින්ම කිව්වොත් මට අවු:21 ලබනවා. මේ මොන කෙහෙල්මලක්ද, ජීවිතේ යතුර ඉල්ලගන්න 21 වෙනකන්ම ඉන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නැහැ. මට නම් මගෙ අම්මයි තාත්තයි පුංචි කාලෙම එක දුන්න, මන් ඉල්ලලත් නෙමේ එත් පුංචි කාලේ ඉදලම තනියම ජීවත් වෙන හැටි, ජීවිතේට මූණ දෙන හැටි කියල දූන්නා, අපිට ජීවිතෙ යතුර හම්බෙන්නෙ හා හා පුරා කියල අපි මේ ලෝකෙට එද්දි කියලයි මට හිතෙන්නෙ.. හරි හරි දන් ඔය යතුර ගැන කතා කලා මදැයි ........
මගේ පවුලෙ අම්මයි, තාත්තයි, අය්යයි මමයි ඉන්නෙ.. ආහ්, තව කරදරකාර බලුපැටියෙක් ඉන්නව බන්චි කියල... ;) ඉස්කොලේ ගියේ ගම්පහ සිරිකුරුස විදුහලට, ලෝකේ තියෙන හොඳම ඉස්කොලේ ආයි කතා දෙකක් නැහැ.
දැන්නම් ටිකක් නිදිමතයි වගේ ඒනිසා වැඩි විස්තර පස්සෙ කියන්න.. ආහ්, දැනගන්න කියන්නේ මන් මාර කම්මැලියෙක්, නිදා ගන්න තියෙනවනම් වෙන දෙයක් ඔනේ නැහැ...
එහෙනම්, අදට යනවා, නැවත හමුවෙමු......!!!!

ගමපහ සිරිකුරුසේ ලෝකේ තියෙන හොඳම ඉස්කොලේ :-O
ReplyDeleteඔව් ඇයි එකේ වැරැද්දක් තියෙනවද? හොඳම ඉස්කෝලේ තමා..... :))))
ReplyDelete