Thursday, February 17, 2011

කාලෙකට පස්සේ.....


මගේ කවිකම ඉස්මතු කලේ 6 වසර සිංහල ටීචර් කිව්වොත් හරි, ඒකාලේ ඉදන් මන් ඕලෙව්ල් කරනකන් විතර සෑහෙන කවි ලිව්වා, ඒත් ඒලෙවෙල් එක්ක මගෙ කවිකම භූමිදානය වෙලා ගියා වගේ හැඟීමක් මට දැනෙන්නේ ඇයි කියල මටවත් තේරෙන්නේ නැහැ.
බ්ලොග් එකට කමෙන්ට් 1ක් දාල තියෙනව දැක්ක නිසායි මේ පැත්තෙ එන්න ඕනෙ කියලා හිතුනේ, මේ දවස්වල තියෙනෙ වැඩ ගොන්න හැටියට එක හිතන්නවත් බැරි දෙයක් උනාට මොනාමහරි ලියන්න ඕනෙ කියල  හිතුන නිසා ඔන්න පටන්ගත්ත ඉතින් කොටන්න.

 මේ දවස්වල මට විතරක් නෙමේ ගෙදර හැමෝටම වැඩ, කම්පියුටරේට එන්න ඕනෙ වේටින් ලිස්ට් එකේ ඉදලයි ;) තාත්තා ලැප් 1 අරන් දුන්නයින් පස්සෙ නම් ඉතින් කිසි අවුලක් නැහැ, ඒත් ඉතින් ඕක උස්සන් හැමතැනටම යනවා කියන්නෙ නිකන් කුරුසයක් කරගහ ගත්ත වගේ වැඩක්, ඕක ඔයහැටි බර මොකෝ කියල නම් මට තේරෙන්නේ නැහැ  :දිව දොට්ට

මේ දවස්වල  එකට අපි මහන්සි වෙනවා ඒක මොකක්ද කියල පස්සෙ හෙමිහිටම කියන්නම්කෝ. දැනට රහසක් SHHHHH.......

මේ දවස්වල තියෙන රස්නෙ ගැන නම් කියල වැඩක් නැහැ ඉර අත ලඟ වගේ, කොහොමත් ඉතින් හිරු අපේ හිත ලඟ නෙ ;)  (මං කිව්වේ මේ හිරු Fඑම්)
ඉතිං ඉතිං ම්ං දැන් යන්න ඕනේ, එහෙනම් ඕං අවසර.. :)