Friday, January 28, 2011

ආහ්... හෙට ආයි කැම්පස් යන නිසා, බ්ලොග් එක පැත්තේ ඉතින් එන එක ෂුවර් නැහැ. ඔන්න ඔහේ ආයි ඇවිත් මොනාහරි ලියල යන්න ඕනෙ කියල හිතුවා. මං ගැන  ලිය ලිය හිටපු එකම කන්ටිනිවු කරන්න හිතුවත් දෑන් මොනාද ලියන්නේ කියල හිතාගන්න බැහැ, ඇයි ඉතින් මං ගැන ලියල ඉවර කරන්න පුලුවන්යේ....

ඔන්න තාත්තාත් සයිට් එක්කට කතරගම ගිහින් මේ දැන් ආවේ. ඉතින් කිව්වා ගිහින් නිදා ගත්තොත් හොදයි කියලා හෙට ඉතින් උදෙන් යන්නත් ඕනනේ..... ඕන් මං එහෙනම් ගියා....

Thursday, January 27, 2011

බකට් එක- (පසුවදන)

දිනය ඉල් මස දහවනදා
වැහිබර අහස, සීතල සුලඟ
සැදෑ කලුවර
එක්ව මුමුණන කතාව
සැබවින්ම සුන්දරය.......

මිතුදමේ නාමයෙන්
නිදහසේ දියවරට
සහෝදරත්වයේ සිසිලස එක්ව
මැවූ අරුමය
සිතා ගත නොහේ තවම මට........

තෙමී ගිය ගත
ඇඟටම ඇලුනු ඇඳුම්
අවදි කල දිරිය
සොම්නස
පවතීවි දිවි ඇති තුරාවට.........

තෙමී ගියත් ගත සීරුවට,
නොහැකිය දියකර හරින්නට
නුඹ හා අපි එකට බැඳුනු ඒ මිතුදම...............

Nadeeka Jayawardana - Perawadanak Nathi

...පසුබිම ...

සිංහලෙන් ලියන්න, ටිකක් අමරු උනත් තවම, මන් හිතුවා මුලුමනින්ම සිංහලෙන් ලියන්න ඕනේ කියල... මන් ගැන කියනවනම්, මම අනුත්තරා. තාම නම් ඉගෙනගන්නවා, මොර‍ටුව විශ්වවිද්‍යාලයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ පලමු වසර. මේ මැයි මාසෙ මගේ යතුරු උපන්දිනේ, කොටින්ම කිව්වොත් මට අවු:21 ලබනවා. මේ මොන කෙහෙල්මලක්ද, ජීවිතේ යතුර ඉල්ලගන්න 21 වෙනකන්ම ඉන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නැහැ. මට නම් මගෙ අම්මයි තාත්තයි පුංචි කාලෙම එක දුන්න, මන් ඉල්ලලත් නෙමේ එත් පුංචි කාලේ ඉදලම තනියම ජීවත් වෙන හැටි, ජීවිතේට මූණ දෙන හැටි කියල දූන්නා, අපිට ජීවිතෙ යතුර හම්බෙන්නෙ හා හා පුරා කියල අපි මේ ලෝකෙට එද්දි කියලයි මට හිතෙන්නෙ.. හරි හරි දන් ඔය යතුර ගැන කතා කලා මදැයි ........
මගේ පවුලෙ අම්මයි, තාත්තයි, අය්යයි මමයි ඉන්නෙ.. ආහ්, තව කරදරකාර බලුපැටියෙක් ඉන්නව බන්චි කියල... ;)   ඉස්කොලේ ගියේ ගම්පහ සිරිකුරුස විදුහලට, ලෝකේ තියෙන හොඳම ඉස්කොලේ ආයි කතා දෙකක් නැහැ.

දැන්නම් ටිකක් නිදිමතයි වගේ ඒනිසා වැඩි විස්තර පස්සෙ කියන්න.. ආහ්, දැනගන්න කියන්නේ මන් මාර කම්මැලියෙක්, නිදා ගන්න තියෙනවනම් වෙන දෙයක් ඔනේ නැහැ...

එහෙනම්, අදට යනවා, නැවත හමුවෙමු......!!!!

සිතැඟි............

 අවසරයි මට යන්නට,
දිනන්නට ලෝකය,
සොයන්නට ජීවිතය,
එහෙමයි කිව්වෙ එදා,
සමුදෙනකොට පාසැලට......
ඒත්, 
මා සෙවු ලෝකය, 
මා දිනු ජීවිතය ලැබෙන තෙක්
බලා හිදිමි මම  තවම
නොලබෙන බව දැන දැනම ......

___හැඟීම් පටලැවිලි___

තනිව සිටින කල
දැනෙන දේම වේද තනිකම,
දහසක් (නො)මිනිසුන් මැද,
සිත පාරවන පාලුවට,
තිබේද අරුතක් තනිකම නොවන.....
නොහැ‍ඟේ මට තවමත්,
මේ හැඟීම් පටලැවිලි......    

අවසරයි මට................

අවසර මට,
හිස් වූ අවකාශයේ,
සොදුරු මානයන් සොයන්නට ......