Tuesday, May 17, 2011

අවසන් පැතුම....

හිඳිමි මම මඟ බලා,
දකින තුරු වියපත් මා,
හැ‍ඟෙන තුරු සිටින බව
තවම මම මෙතැන,
තනිව, නිසොල්මන්ව,
අවුත් එකෙක්,
හෙලා මා පහතට,
‍රැගෙන යන තෙක්,
මන්ද, අවැසි නිසා ඔහුට
මා දිවිය මටත් වඩා,
දැන දැනත් මා,
සිරකරගනිමි මා ගෙල,
විඳින්නට, මැරෙන්නට මොහොතකට පෙර හෝ,
මා නිසා තවකෙකු හෙලන
සැනසුම් සුසුම්,
තු‍ටු කඳුලු........
ඉතින්, තවම හිඳිමි මම,
වෙනුවෙන් ඒ සොඳුරු අවසන් පැතුම   ........
ගොඩ කලෙකට පස්සෙ  ආයි බ්ලොග් එක පත්තෙ එන්න හිතුනා, ඇත්තටම අහම්බෙන් වගේ දැක්ක බොල්ග් 1ක් දැකල තමා මට ආයි මගෙ බ්ලොග් 1 පත්තෙත් එන්න හිතුනේ... ඒ බොල්ග් එකේ නම "තමීරගෙ තීරය" මරු බ්ලොග් 1ක්.. ලියන ස්ට්යිල් එකට තම මං කැමතිම බලන් ගියාම අපේ කැම්පස් එකේම අය්යා කෙනෙක්..  MORA spirit එක ගැන ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඔනෙ නැහනෙ... ලංකාවෙ සිරාම කොල්ලො කෙල්ලො ඉන්නෙ ඉතින් UOM කියන එක කවුරුත් දන්නවනෙ ..... හරි හරි දැන් එන්නම්කො මගෙ ටොපික් එකට... අත්තටම කිව්වොත් බ්ලොග් එකට ආවට මොකෝ ලියන්න දේකුත් නැහැ..
අද ඉතින් වෙසක් පෝයනෙ.. අම්මත් ඊයේ හැදුව වෙසක් කූඩුවක්. අලුත්ම තලේ එකක්. අම්මලගෙ ඔ‍ෆිස් එකේ අතු අන්කල්ගේ අයිඩියා එකක්ලු ඒක. අද දන්සලකටවත් ගියේ නැහැ. ගෙදරමයි හිටියේ. මාර කම්මැලියි. ලබන සතියේ අපේ ෆැකල්ටියේ exhibition 1ක්. එකේ වැඩ වගයකුත් තිබ්බ උදේ ඉදන් කරන්න.. එකත් කර කර හිටියා... දන්සල් නොගියට මොකෝ ලඟ දන්සලකින් කෑම ගෙදරටම හම්බ වුනා. දෙන දෙය්යොත් ගෙදරටම ගෙනත් දෙනව වගේ. 2600 සම්බුද්ධ ජයන්තිය සමරන්නේ මෙ අවුරුද්දේ නිසා හැම තැනම ලස්සනට සරසලා... රට වටෙම වෙසක් කලාප තියෙනවා. හබයි ඉතින් මේ දවස්වල ඒව බලන්න යනවා කියන්නෙ නියම කලේ කන වැඩක්. ඒ නිසා ටික දවසක් ගිහින්ම බලන 1 තමා හොද. කැම්පස්   සෙට් එකත් එක්ක යන්න ඔනේ බලන්න... එහෙනන් ඔන්න  මේක ඉවරයක් කරනව...