Tuesday, May 17, 2011

අවසන් පැතුම....

හිඳිමි මම මඟ බලා,
දකින තුරු වියපත් මා,
හැ‍ඟෙන තුරු සිටින බව
තවම මම මෙතැන,
තනිව, නිසොල්මන්ව,
අවුත් එකෙක්,
හෙලා මා පහතට,
‍රැගෙන යන තෙක්,
මන්ද, අවැසි නිසා ඔහුට
මා දිවිය මටත් වඩා,
දැන දැනත් මා,
සිරකරගනිමි මා ගෙල,
විඳින්නට, මැරෙන්නට මොහොතකට පෙර හෝ,
මා නිසා තවකෙකු හෙලන
සැනසුම් සුසුම්,
තු‍ටු කඳුලු........
ඉතින්, තවම හිඳිමි මම,
වෙනුවෙන් ඒ සොඳුරු අවසන් පැතුම   ........

2 comments:

  1. ඉටුවේවා ඒ සොඳුරු අවසන් පැතුම......

    ReplyDelete
    Replies
    1. ඉමි දල්වා බලාපොරොත්තු,
      අවසන් සුසුම තෙක්.............

      Delete