Monday, May 21, 2012

__අනුන්__

අනුන්...
කවුද උන් ??
නැහැ,
එහෙම කෙනෙක් නෑ....
උඹ ‍රැවටිලා....
මෙහෙ ඉන්නේ,
තමන් විතරයි....

නෑ නෑ...
වෙන්න බැහැ....
එතකොට අනුන් වෙනුවෙන්
මේ  වැටෙන කඳූලු, කකියන හිත,
උඹ කියන්නෙ ඒවා බොරු කියලද ??
නැති වෙන්න බෑ,
ඉන්නම ඕනේ....

හා!!හා!! හා!! (සිනාසෙමින්)
උඹට විතරයි එහෙම වෙන්නෙ,
අපිට එහෙම ලෙඩක් නෑ....

තිත්ත වෙන්න පුළුවන්,
ඒත් ඇත්ත ඒක තමා,
කිව්වම තේරුම් ගනින්..

මම....එච්චරයි...
එතනින් එහාට වෙන මුකුත් නෑ.......
උඹට, උඹ විතරක් වෙලත්,
මේ ටික නොතේරෙන හැටි......

2 comments:

  1. Replies
    1. දුක් වෙන්න එපා Imaa ඔය ටික මං කවදාවත් තේරුම්ගන්න එකක් නෑ... අනික මට තේරෙන එකකුත් නෑ....

      Delete