Tuesday, May 22, 2012

__ආදරය සොයා__

දියත් කර අප දිවිය ගැඹුරු වූ මහ සයුරට,
අවසරයි පැදයන්නට ජීවිත යාත්‍රාව
සැඩ සුළං, දළ රළ පැමිණේවි
නොසැලී, දිරි ගනින් නුඹේ සිතට,
ලැබ පන්නරය, පදින්න දියඹටම.....

‍රැදුරු තල්මස්,මෝරු මැද
හමුවේවි,
පුංචිම පුංචි මුතු ඇටයක්,
නුඹේ මුළු දිවියම එකළු කරන,
නැවතියන් නුඹ එතන,
උණුහුමට ආදරෙන්,
ලැබගන්න මුලු දිවිය
නුඹ දෝතට.......

එතෙක්, ඉවසපන්,
තනිව මහ මුහුද මැද,
ලැබෙන තෙක් දෝතට
ඒ  පුංචි මුතු ඇටය............

2 comments:

  1. මුතු ඇටම ලැබුන විට , දැනේවි සිත පහන් වන බව
    ඒ සොදුරැ සිතුවිල්ල ජීවත් කරාවි ඔබ තුටින
    ‍රැදුරු තල්මස්,මෝරු අසරණ වේවි ඔබ දෙපාමුල
    ගව් ගනන් දුර නොවේ, ලැබෙන්නට ඒ මුතු ඇටය .......

    ReplyDelete
    Replies
    1. තුති වේ සොයුර,
      සහෘද වූ ඔබේ පැතුමට...
      දනිමි මං,
      ඔබ ලද බව
      ඒ පුංචි මුතු ඇටය,
      සහ විඳින බව
      ඒ සොඳුරු පහස...
      ඉතිං, පතමි මම
      සොයුරු සිතින්
      ඔබට ජයෙන් ජය නිතින....!!!

      Delete